
චමින්ද නානායක්කාර
ද්විතීයික අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය (SEMP) මගින් 2004 වර්ෂයේ අග භාගයේදී පිහිටු වන ලද ගා/ඉඳිපලේගොඩ මහා විද්‍යාලයීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්ථානය පරිගණක 20කින් හා අන්තර්ජාල පහසුකම්වලින් සමන්විත වටිනා සම්පත් මධ්‍යස්ථානයකි. පාසල් කාලය තුළ නිරන්තරයෙන්ම දරැවන්ගේ තාක්ෂණික තෝතැන්නක් බවට පත්ව ඇති මෙම මධ්‍යස්ථානය සතියේ දින සවස් කාලයෙහි අනෙකුත් දරුවන් වෙනුවෙන් සිය සේවාවන් දියත් කාට ඇත.
තොරතුරු තාක්ෂණ සමාජය.
ගා/ ඉඳිපලේගොඩ මහා විද්‍යාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශයට සම්බන්ධ සියලු දරුවන්ගේ එකමුතුව.
අමතන්න........ 0716049333
2008 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දිනය
2008 නොවැම්බර් මස 06 වන දින ගා/ඉඳිපලේගොඩ මහා විද්‍යාලයේදී පවත්වන්නට යෙදුන ලතාරතුරු හා සන්නිවේදන තාක්ෂණ දිනය ඉතා උසස් ලෙස සංවිධානය කොට තිබුනි. 2007 වසරේ විද්‍යාලයීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්ථානය මගින් පවත්වන්නට යෙදුනු පරිගණක පාඨමාලා සාර්ථකව අවසන් කළ දරුවන්ට සහතික පත් ප්‍රදානය කිරීම, පරිගණක මෘදුකාංග හා දෘඪාංග ප්‍රදර්ශනය යන අංගවලින් එය සමන්විත විය.
පිංතූර බලන්න.....