
2007 වසරේ දී මෙන්ම මෙම වසරෙදී ද උසස් ප්‍රතිඵල වාර්තා කිරීමට ඉඳිපලේගොඩ මහා විද්‍යාලයීය දරුවෝ සමත් වූහ. ඒ අනුව මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන් 20 දෙනෙකු සමත් වීම විද්‍යාලය ලද ඉමහත් ජයග්‍රහණයකි. |
2008 ලෝක ළමා දිනයට සමගාමීව විශේෂාංග රාශියක් 2008.10.02 දින දවස පුරා විද්‍යාලයේ දී පැවැත්විණි. ඒ අනුව සියලු දරුවන් එදින අසල විහාරස්ථානයට ගොස් බෝධිපූජාවක් පවත්වා තමන්ටත් ත්‍රිවිධ හමුදාවන්ටත් ආශිර්වාද ලබා ගනු ලැබී ය. අනතුරුව ප්‍රාථමික අංශයේ දූ දුනවන් විසින් සංවිධානය කරන ලද පෙරහැර පිටිගල නගරය පුරා සංචාරය කෙරිණ. ඉන් පසු දූ දරැවන්ගේ විවිධ නර්ථන හා ගායනයන්ගෙන් සිත් සතන් ප්‍රබෝධවත් කරලීමට විද්‍යාලයීය දරුදැරියෝ දවසකැප කළහ. |